ගෝඨාභය සහ අපි සියලු දෙනා දිනුවේ මහින්දට දුන් ඡන්දයෙන්….! – ජොන්ස්ටන්….

April 28, 2022 at 9:12 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වූයෙත් තමන් ඇතුළු පිරිස ඇමැති ධූරවලට පත්වූයෙත් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ජනතාව ලබා දුන් ඡන්දයෙන් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

එහෙයින් අගමැති ධූරයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් කිරීමට කිසිවෙකුට අයිතියක් නැතැයි හෙතෙම අවධාරණය කරයි.

තමා ඇතුළු පිරිස ඉදිරියේ දීත් දේශපාලනය කරන්නේ මහින්ද රාජපක්ෂ සමග බවත් ඔහු වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.

පසුගියදා පැවැති පක්ෂ නියෝජිත හමුවක දී හිටපු ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. පවිත්‍රා වන්නිආරච්චි, විමලවීර දිසානායක ඇතුළු පිරිසක් ද එහි දී මෙම අදහසට සමාන අදහස් ප්‍රකාශ කරමින් අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *