ගෝඨාභය බලයට පත් කිරීමේ අරමුණු ඉටු වුණේ නෑ….! – රාජ්‍ය ඇමැති දයාසිරි…..

July 10, 2021 at 2:39 pm | by emanisa.lk

ජනාධිපතිවරයා බලයට පත් කර කරගැනීමේ දී බලාපොරොත්තු වූ අරමුණ තවමත් ඉටු නොවූණු තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, බතික්, අත්යන්ත්‍ර සහ ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

කොවිඩ් වසංගත තත්වයත් සමග ජනාධිපතිවරයා යම් සිරවීමක සිටිනවා විය හැකි බව කී ඇමැති ජයසේකර, ජනතා අරමුණු ඉටු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී ගත වී ඇත්තේ වසරක පමණ කෙටි කාලයක් පමණක් හෙයින් එතුමාට වැඩකටයුතු කිරීමට තවත් කාලයක් තිබෙන බව කවුරුත් මතක තබා ගත යුතු බව ද ඔහු සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා මේ සියලු දේ කරන්නේ කඩාවැටී ඇති ආර්ථික පසුබිමක් යටතේ යැයි කී දයාසිරි ජයසේකර, ජනාධිපතිවරයාට යමක් කිරීමට උවමනාවක් තිබෙන නායකයෙකු බව ද ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස