අරගලකාරයින් යනු රැවුල් කොණ්ඩ වවාගත් රස්තියාදු කාරයින් බවට තමා සිදුකළ ප්‍රකාශය පිළිබඳ කනගාටු වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
එම ප්‍රකාශය පිළිබඳ සිය දුව ද විරෝධය පළ කළ බවත් තමා එය පිළිගත් බවත් විමල් වීරවංශ ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදය නිසා ස්වභාවික පැන නැඟුණු අරගලයට තමා එරෙහි නොවන බවත් පසුව වෙන හිසක් ඊට එකතු කළ බවත් ජුලි 09 හමුදා සෙබලුන්ට යකඩ පොලුවලින් පහර දෙන තැනට ආවේ එම විකෘතිය බවත් හෙතෙම පෙන්වා දෙයි.
කෙසේ වුව ද ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමට කොළඹ පැමිණි පිරිසෙන් අඩක් එහි ප්‍රතිඵලය සමග කනගාටුවට පත්ව ඇති බවයි, විමල් වීරවංශ ප්‍රකාශ කළේ.
අවසානයේ සිදුව ඇත්තේ දෙල්කඳ පොළේ ගොස් ගෝඨාභයට බැන්න සුසිල් ප්‍රේමජයන්ත සභානායක වී ජාතික ලැයිස්තු තනි මන්ත්‍රී රනිල් ජනාධිපති ධූරයට පත්වීම යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ස්වර්ණවාහිනී ඉර වැඩසටහනට ඊයේ (01) එකතු වෙමිනි.