ගෝඨාභය කොරෝනා මර්දනය හමුදාකරණය කරලා! මේ විදිහට කොරෝනා මර්දනය කිරීම වැරදියි! – Colombo Telegraph කර්තෘ උවිඳු කුරුකුලසූරිය

April 9, 2020 at 10:48 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන ක්‍රියාවලිය හමුදාකරණය කර ඇතැයි Colombo Telegraph කර්තෘ උවිඳු කුරුකුලසූරිය පවසයි.

ලිපියක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ජනාධිපතිවරයා මේ සඳහා පත්කර ඇති සියලු දෙනා හමුදා නිලධාරීන් බවය. එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇතුළු පිරිසකට යුද අපරාධ චෝදනා ඇති බවත් හෙතෙම පවසයි.

මෙම ක්‍රියාවලිය ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතියෙහි (ITJP)විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා ද විවේචනය කර ඇතැයි ද උවිඳු පෙන්වා දෙයි.

කොරෝනා මර්දන කටයුතු පැවරිය යුත්තේ ඒ පිළිබඳ පළපුරුද්ද ඇති සිවිල් නිලධාරීන්ට බවත් මේ වන විට ද අදාළ තීන්දු තීරණ සම්බන්ධයෙන් හමුදාව සහ වෛද්‍ය කණ්ඩායම් අතර ගැටුම් මතුව ඇතැයි ද හෙතෙම පවසයි.

කෙසේ වුවද ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසාදයට ලක්ව ඇති අතර යුරෝපා සංගමය මෙන්ම විවිධ ජාත්‍යන්තර සංවිධාන ද එය ඇගයුමට ලක්කර තිබේ.

එම සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස