ගෝඨාභයට රට භාරදීම ඇමරිකාවට රටේ පාලනේ දුන්නා වගේ තමයි…! – අජිත් පී. පෙරේරා…

October 19, 2021 at 9:10 am | by emanisa.lk

යුගදනවි බලාගාරය ඇමරිකාවට ලබා දීම පිළිබඳ ජනාධිපතිවරයා කිසිවක් නොපවසන්නේ ඔහු සහ ඇමරිකාව අතර ඇති සම්බන්ධය නිසා යැයි සමගි ජනබලවේග ප්‍රධාන විධායක, නීතීඥ අජිත් පී. පෙරේරා පවසයි.

“ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන කොට ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරු කෙරවලපිටිය බලාගාරය ඇමෙරිකාවට විකුණන්නේ ඇයි කියලා LNG සැපයිමේ ඒකාධිකාරි බලය ඇමෙරිකාවට විකුණන්නේ ඇයි කියලා, ජනාධිපතිතුමා කියනවා, ඒක ඉතින් අහන්න ඕන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් හා අගමැතිතුමාගෙන් තමයි කියලා.

දැන් රටේ විධායක බලය තියෙන 20 වෙනි සංශෝධනයෙන් ශක්තිමත් වෙච්ච ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට එහෙම කියන්න පුළුවන්ද? මොකද ඒකට හේතුවක් තියෙනවා එහෙම කියන්න. එතුමයි ඇමෙරිකා එක්සත් ජනපදයයි අතර තියෙන සම්බන්ධය.

මේ බරපතළ තත්ත්වය අපි කලින් කිව්වා. ඇමෙරිකාව සමග සම්බන්ධකම් තියෙන තමන්ගේ පවුලේ සාමාජිකයෝ ඇමෙරිකාවේ පුරවැසියෝ වෙච්ච මේ දේශපාලනය ඉවර වුණාමත් නැවත වරක් ඇමෙරිකාවට යන්න පුළුවන්කම තියෙන මේ අයට මේ රටේ පාලනය භාර දෙන කොට මේ ඇමෙරිකාවට පාලනය භාරදුන්නා හා සමානයි කියලා අපි දකින්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *