ගෝඨාභයට රට කරවන්න මගේ දැනුම සහ අත්දැකීම් ලබා දෙනවා! – මෛත්‍රී

February 16, 2020 at 5:52 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රට ඉදිරියට ගෙන යාම සඳහා තම දැනුම සහ අත්දැකීම් ලබාදීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මහ මැතිවරණයට තරඟ කරන්නේ සියලු පක්ෂය එකතුව පොදු පෙරමුණක් ලෙස බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා කර තීන්දු කර අවසාන යයිද ඔහු කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස