ගෝඨාභයට එරෙහිව ඇමරිකාවේ පැමිණිලි පිට පැමිණිලි!

June 27, 2019 at 11:23 am | by emanisa.lk

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට පැමිණිලි 10ක් ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අදාල පෙත්සම් ඊයේ (26) දිනයේදී ඉදිරිපත් වී ඇති අතර දෙමළ ජාතිකයින් 08 දෙනෙකු සහ සිංහල ජාතිකයින් දෙදෙනෙකු මෙම පැමිණිලි ගොනු කර ඇත.

ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය නම් නීති සමාගමක් සමග එක්ව මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර
2005 – 2015 අතර කාලයේ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී සිදු වූ බව කියන සිදුවිම් කිහිපයක් සම්බන්ධයෙන් මෙම පැමිණිලි ඉදිරිපත් වී කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියකු ලෙස සලකමින් මෙම පැමිණිලි ගොනු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස