ගෝඨාට සහය නොදුන් මෛත්‍රීට මුලින් දඬුවම් කළ යුතුයි! මගේ මන්ත්‍රී ධුරය උදුර ගත්තොත් මම නඩු කියනවා! – ෆවුසි

November 24, 2019 at 5:23 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ක‍්‍රියා කළහොත් එයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගයකට යොමු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම් ෆවුසි පවසයි.

තමන් මන්ත‍්‍රීධුරයෙන් ඉවත් කරන බවට දැනුම් දෙමින් පක්ෂයෙන් ලිපියක් තමන් වෙත යොමු කර ඇති බවත් පැවසූ මන්ත‍්‍රීවරයා එවැනි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂයට කිසිදු හැකියාවක් නොමැති බවත් සඳහන් කළේය.

තමන් ඉවත් කිරීමෙන් පුරප්පාඩු වන මන්ත‍්‍රීධුරය හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට ලබාදීමේ අරමුණින් පක්ෂය මෙම පියවර ගෙන ඇති බවත් ඔහු පැවැසීය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබියදීත් ඒ වෙනුවෙන් ක‍්‍රියා නොකළ මෛත‍්‍රීපාල සිරිසේන තමන්ට පෙර පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

තමන් වසර 44ක් තිස්සේ සාමාජික අරමුදල් ගෙවමින් පක්ෂ සාමාජිකයකු ලෙස තමන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම්. ෆවුසිගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනුම් දී ඇති බව එම පක්ෂයේ නියෝජිතයන් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස