ගෝඨාට විවාදයකට අභියෝග කළ සුපිරි සජිත් හිරු සලකුණටත් දෙරණ 360ටත් පොලු තියයි..!

November 2, 2019 at 10:36 pm | by emanisa.lk

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මෙරට පේක්ෂකයන් අතර ඉතාම ජනප්‍රිය රූපවාහිනි දේශපාලන වැඩසටහන් දෙකක් වන හිරු සලකුණ සහ දෙරණ 360 වැඩසටහන්වලට සහභාගී වීමට කැමත්ත ප්‍රකාශ කළ ද මේ වන විට එම තීන්දුව වෙනස් කර ඇතැයි වාර්තා වෙයි. දෙරණ නාළිකාව මේ පිළිබඳ පූර්ව දැන්වීම් පවා ප්‍රදර්ශනය කරනු දැකිය හැකි විය.

සජිත් ප්‍රේමදාස පසුගිය දස වසර තුළම කිසිදු සජීවී දේශපාලන සංවාදයකට සහභාගී වී නොමැති අතර ඒ සඳහා කැමැත්ත පළ කළේ ද ප්‍රථම වතාවටය. කෙසේ වුවද ඔහු ගෝඨාභය රාජපක්ෂට සජීවී විවාදයක් සඳහා අභියෝග කළේය.

ගෝඨාභට රාජපක්ෂ හිරු, දෙරණ. ස්වර්ණවාහිනිය, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සමග පමණක් නොව BBC, CNN සහ NDTV යන ජාත්‍යන්තර නාලිකා සමග ද සංවාද සඳහා සහභාගී වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස