ගෝඨාට වයසක මහින්ද අගමැතිකමට හරියන්නේ නෑ! නවසීලන්තේ අගමැතිනිය වගේ අලුතින් හිතන තරුණ සජිත් නම් නියමයි! – හරීන්

June 15, 2020 at 11:44 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඔහුගේ වැඩිමල් සහෝදරයා සමඟ ආණ්ඩු කරනවාට වඩා පහසුවෙන් සජිත් ප්‍රේමදාස සමඟ ආණ්ඩු කළ හැකි බවත් මෛත්‍රී – රනිල් යුගයේ ඇතිවූවාක් වැනි ගැටුමක් එතැනදී ඇති නොවන බවත් සමගි ජන බලවේගයේ අපේක්ෂක හරීන් ප්‍රනාන්දු පවසයි.

“ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මං හිතන්නෙ 74ක් ද කොහෙද වයස. 74ක කෙනාට 78ක කෙනෙක් අගමැති කරගෙන වැඩේ කරන්න අමාරුයි. එකම පක්ෂෙ වුණත් දෙන්නා අතර තියෙනවා වෙනත් ඝට්ටනයක්. ඒ ඝට්ටනය මීට වඩා හපන්.

ඒ නිසා මේ වෙලාවෙදි සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නෙ අවුරුදු 52ක තරුණයෙක්. සිතුම් පැතුම් අලුත්. ලෝකෙ ඉන්න අනෙකුත් තරුණ අගමැතිවරු – ජස්ටින් ටෲඩෝ, නවසීලන්ත අගමැතිනිය වගේ අය ගත්තාමත් ඔවුන් දේශපාලනය ගැන හිතන විදිය හරි වෙනස්.

දැන් හරි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙ විනයක් තියේයැයි කියලා හැදුවා. ඒත් අපට පෙනෙන විදියට ඒ මහත්තයාට වැඩ කරන්න බැරිවෙලා තියෙන්නෙ තමන්ගෙම අයියා කියනවා උඹ ඡන්දෙ දින්නෙ මං නිසායි කියලා. එතකොට එයා තමයි අගමැති වෙන්න හදන්නෙ, එයාම තමයි ජනාධිපතිත් වෙන්න හදන්නෙ. එතකොට ඒක ප්‍රශ්නයක් වෙනවා රටක් ඇතුළෙදි.

ඊට වඩා හොඳයි සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ තරුණ මනුස්සයෙක් ඇවිල්ලා, ඒ දේශපාලනය අලුත් මං පෙතකට හැරෙව්වොත් එහෙම විනය, විනිවිදභාවය කියන එක එනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙයි ඇත්තටම ප්‍රශ්නෙ තිබුණෙ එයාලා ආවෙ සමාජ ස්ථර දෙකකින්. අරයා ආවෙ පොළොන්නරුවෙ ගොවි පවුලකින්, මෙයා ආවෙ කොළඹ පැළැන්තියෙ පවුලකින්. මේ දෙන්නාට පෑහෙන්න තියා වචන 5ක් කතා කරගන්න බැරිවුණා. ඕක තමයි ඇත්ත.

හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නෙ බුද්ධිමත් මිනිහෙක්. මහපොළවෙත් ඉන්නවා, පිටරටත් ඉඳලා තියෙනවා. උගත්කමත් තියෙනවා, බුද්ධිමත්කමත් තියෙනවා, වැඩ කරන්න හයියත් තියෙනවා. අර මනුස්සයා හොඳයි කියනවා නම් මේක යන්න පුළුවන්. හැම වෙලේම එකම සෙට් එකක් සෙට් වුණාම රට විනාශයි”

හරින් ප්‍රනාන්දු මේ බව පැවසුවේ පෙරේදා (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස