ගෝඨාට නඩු දාලා ඉවර නෑ! ජවිපෙත් නඩුවක් දානවා! ජනාධිපතිකමට එන පුරවැසිකම නැති අය ගැන ලැජ්ජායි! – රාජිත

October 7, 2019 at 7:51 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්‍ෂගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගයකට එළැඹීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානමින් සිටින බව අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹ ව්‍යාපාරික සංගමය සංවිධානය කරන ලද ‘හෙළයේ මහා සම්මුතිය’ උත්සව අවස්ථාවට ඊයේ (06) සහභාගි වෙමිණි.

“ගෝඨාභය රාජපක්‍ෂගේ පුරවැසිභාවය පිළිබඳ නඩුව අවසන් නැහැ. දැන් ජනතා විමුක්ති පෙරමුණ කියනවා ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව ඔවුන් නැවත නඩු මගට යනවා කියලා. ගීතා කුමාරසිංහටත් මන්ත්‍රීකම නැති වුණේ ද්විත්ව පුරවැසිභාවය නිසා.’

එතකොට මොකද චමල් රාජපක්‍ෂ ඇප බැන්දේ? මේකේ කරුණු දෙකක් තිබෙනවා. ගෝඨාභය නැත්නම් තවත් රාජපක්‍ෂ කෙනෙක්. ඒ කියන්නේ චමල් රාජපක්‍ෂ. අගමැති කවුද? ඒත් රාජපක්‍ෂ කෙනෙක්. ආර්ථික කටයුතු පිළිබඳ ඇමැති කවුද? ඒත් රාජපක්‍ෂ කෙනෙක්. එතකොට ඉතුරු කට්ටියට මොකද වෙන්නේ?

මේක ජනතාවගේ නොවෙයි පවුලේ බලය ලබාගැනීමේ වැඩපිළිවෙළක්. නඩු තීන්දුවකින් පුරවැසිභාවය ලබාගත්තා කියලා කියන්න ලැජ්ජයි. ඔවුන් චමල් රාජපක්‍ෂව අන්තිමට දැම්මේ එයාලටත් විශ්වාසයක් නැහැ ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳ.

මේ රටේ ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙක් එනවා අධිකරණය තමයි තීන්දු කරන්නේ ඔහුට පුරවැසිභාවය තියෙනවාද නැද්ද කියලා. ලැජ්ජයි. පෙරේදා වෙනකන් හරි සහතිකයක් තිබුණේ නැහැ පුරවැසිභාවය තිබෙනවා ද නැද්ද කියලා. ඒ වගේ කෙනෙක් ද රටේ ජනාධිපති කරන්න හිතන්නේ. මේ රටට නායකත්වය දෙන්න මේ වගේ හරියට පුරවැසිභාවය නැති අය ගේන්න හදන්නේ? ඇයි තව කට්ටිය නැද්ද?”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස