ගෝඨාට එරෙහි ඇමරිකාවේ නඩු දෙකක් දාලාලු! සිතාසි භාර දුන් කතා බොරු!

April 8, 2019 at 7:51 pm | by admin

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය නැමැති නම් රාජ්‍ය නොවන සංවිධානයක් සහ ලසන්ත වික්‍රමතුංගගේ දුව අහිංසා වික්‍රමතුංග ඇමරිකාවේ සිවිල් නඩු දෙකක් පවරා ඇතැයි එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

මෙම නඩු පිටුපස සිටින්නේ ඇමරිකාව සහ දෙමළ ඩයස්පෝරාව සමග ඉතාම සමීපව කටයුතු කරන දකුණේ ප්‍රබල ඇමතිවරයකු බව වාර්තා වෙයි.

ඊට අදාළ සිතාසි හිටපු ආරක්ෂක ලේකම්වරයාට ඉරිදා රාත්‍රියේ කැලිෆෝනියාවේ “ට්‍රේඩර් ජෝස්“ වෙළඳසැලක රථගාලේදී නිල වශයෙන් භාරදුන් භාරදුන් බව ප්‍රකාශ කළ ද එය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශකයකු ප්‍රතික්ෂේප කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස