ගෝඨාට එරෙහිව ලසන්ත වික්‍රමතුංගගේ දුව ඇමරිකාවේ දැමූ නඩුව විභාග කිරීම අවලංගුයි!

October 8, 2019 at 11:55 am | by emanisa.lk

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ දියණිය විසින් ගොනු කර තිබූ නඩුව විභාග කිරීම ඊයේ (7) කැලිපෝනියා අධිකරණය විසින් අවලංගු කර ඇත.

මෙම නඩුව විභාග කරන්නේද එසේත් නැත්නම් එය නිෂ්ප‍්‍රභ කරන්නේද යන්න ගැන අධිකරණය ගන්නා තීරණය පිළිබඳව බලාපොරොත්තුව සිටින බව ඇමරිකාවේ සී. ජේ. ඒ. සංවිධානය ප‍්‍රකාශ කර තිබේ.

තම පියාගේ ඝාතනය ගැන හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වගකිවයුතු බව දක්වමින් අහිම්සා වික‍්‍රමතුංග මෙම නඩුව ගොනුකර ඇත.

ඊයේ (7දා) මෙම නඩුව විභාගයට ගැනීමට පෙර අහිම්සා වෙනුවෙන් පෙනීසිටි සිබොවොයිස් පිල්ම්ස්මන් සමාගමේ නීතිවේදිවරු තමන් වාචික කරුණු ඉදිරිපත් කරන බව පවසා තිබුණි.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සිය ඇමරිකානු පුරවැසි බව ඉවත් කරගැනීම නිසා තවදුරටත් ඔහුට එරෙහිව එම නඩුව ගෙනයා හැකිද යන්න ගැන කැලිපෝනියා අධිකරණය ඉදිරි දින කීපය තුළදී සිය තීන්දුව ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතය. මෙම නඩුව ගොනු කළ අහිම්සා ඇමරිකාවේ පුරවැසියෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස