ගෝඨාට අපේ සහාය නෑ! සජිත් ගැන හිතලා බලනවා! රනිල්ට නම් ඕන වෙලාවක ෂපෝර්ට්! – TNA

August 15, 2019 at 1:00 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය ලබා දීමට තමන් සූදානම් නැති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සිය මතය පැහැදිලි කර නොමැති නිසා ඔහු සමග වැඩ කළ හැකි දැයි තවමත් කිව නොහැකි බව එම සංවිධානයේ ප්‍රකාශකයෙක් පෙන්වා දෙයි.

කෙසේ වුවද අගමැති රනිල් වික්‍රමසිංහ සමග තම පක්ෂය දැනටමත් කටයුතු කරන බැවින් පක්ෂය ජනාධිපති අපේක්ෂකයා ලෙස අගමැති රනිල් නම් කරන්නේ නම් තමන්ගේ සහාය ලබා දෙන බව වැඩි දුරටත් පවසයි.

එජාප අපේක්ෂකයා සමග කටයුතු කළ නොහැකි නම් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳ තමන් සලකා බලන බව ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස