නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු සිය නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකි.
ඊයේ (12 වනදා) ගෝඨාභයගේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර අධිකරණයේ ස්වාධීනත්වය පාවාදුන් අග විනිසුරු ජයන්ත ජයසුරිය ඇතුළු අනෙකුත් විනිසුරන් 4 දෙනාට එරෙහිව මහජන විශ්වාසය කඩකිරීම මත සහ දුෂණ අපරාධ චෝදනා මත පවරන ලද නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන ශාලාවේදී විනිසුරන් 5 දෙනෙකු හමුවේ විභාගයට ගන්නා ලදී. එම අවස්ථාවේ මේ රටේ පුරවැසියන්ගේ හා 20,000 ක් පමණ වූ නීතිඥයන්ගේ කශේරුකාව බිඳී ඇති තරම නාගානන්ද හොඳින්ම තේරුම් ගත්තේය.
1500 කට වැඩි පිරිසකට රැස්විය හැකි ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේ විභාගයට ගන්නා ලද එම නඩු විභාගය නැරඹීමට පැමිණ සිටියේ එකම එක නීතිඥවරියක් පමණි. තම ආත්ම ලාභය ගැන පමණක් සැලකිලිමත් වන, පරාර්ථකාමය කඳුලක් නොහඳුනන, රටේ ජාතියේ පොදු යහපත ගැන සතේක උනන්දුවක් නොදක්වන මිනිසුන්ගෙන් සමන්විත මෙහෙම රටක් කොහොම නම් පෙරට යන්නද කියා සිතාගැනීම පවා අතිශයින් දුෂ්කරය. ඒ සම්බන්ධව සජිත් ප්‍රේමදාසට, අනුර කුමාරට සහ නීතිඥ සංගමයට විධිමත්ව දැනුවත් කර තිබිණ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය පවා මහජන අයිතිය බලගන්වමින් පවරන ලද මෙම නඩුවේ වගඋත්තරකරුවෙකි.
මෙම නඩුව පැවරීමෙන් පසුව දුෂණ කොමිසම මෙම විනිසුරන්ට එරෙහිව කිසිදු පියවරක් නොගන්නා බව දන්වා එවන ලද ලිපිය අධිකරණයේ ගොනු කිරීමෙන් අනතුරුව මෙම නඩුව නැවතත් අධිකරණය හමුවේ විභාගයට ගැනීමට දින නියම කෙරෙනු ඇත. (එම ලිපියේ පිටපතක් රට දැය ගැන උනන්දුවක් දක්වන ප්‍රඥාවන්ත පුරවැසියන්ගේ අවධානයට මේ සමග පළකර ඇත).
සජිත් සහ අනුර කුමාර තමන් පෙනී සිටින්නේ රට ජාතියේ ප්‍රගතිය වෙනුවෙන් නොව, අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍ය මත පදනම් වූ රටක් ගොඩ නැගීම වෙනුවෙන් නොව, හුදෙක් තම පුද්ගලික ලාභය වෙනුවෙන් පවත්වාගන යන ව්‍යාපාරයක් වෙනුවෙන් පමණක් බව මැනවින් සනාථ කළේය.