ගෝඨාගේ නම මෙවරත් ඇමරිකානු පුරවැසිකම ඉවත්කර ගත් ලැයිස්තුවේ නෑ!

August 15, 2019 at 10:17 am | by emanisa.lk

ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම පිළිබඳ 2019 ජුනි මස 30 වෙනිදා නිකුත් කළ ලැයිස්තුවේ ද ගෝඨාභය රාජපක්ෂගේ නම නොමැති බව ඇමති හර්ෂ ද සිල්වා ට්විටර් පණිවිඩියක් නිකුත් කරමින් පවසයි.

සෑම කාර්තුවකම අවසානයේ එක්සත් ජනපද මහා භාණ්ඩාගාරයේ අභ්‍යන්තර ආදායම් සේවය මෙම වාර්තාව නිකුත් කරයි.

මෙසේ නම ප්‍රකාශයට පත් නොවීම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ ගැටලු ඇති කළ හැකි බව ආණ්ඩු පාක්ෂිකයන්ගේ අදහසය.

කෙසේ වුවද ගෝඨාභය රාජපක්ෂට සමීප ආරංචි මාර්ග පවසන්නේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරන සියලු ලේඛන ලබා දී අවසන් බවත් මේ වන විට ඇමරිකානු විදේශ ගමන් බලපත්‍රය ද නැවත භාර දී හිටපු ආරක්ෂක ලේකම්වරයා දේශීය ගුවන් බලපත්‍රයක් භාවිත කරන බවය.

ඇමරිකානු මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අදාළ නාම ලේඛනය කිසියම් පිළිවෙළකට නිකුත් කරන බවත් එහෙයින් සිය අපේක්ෂකයාට කිසිදු නීතිමය ගැටලුවක් නොමැති බවත් ඔවුන්ගෙ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස