ගෝඨාගේ තහනම ඉවතට…! කටුපොල් වවන්න බිලියන 05ක්…!

November 20, 2023 at 7:10 pm | by emanisa.lk

පාම් වගාව (කටුපොල් වගාව) නිසා කිසිදු පරිසර විනාශයක් සිදුව ඇති බව විද්‍යාත්මකව තහවුරු කර නැතැයි කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඇමැතිවරයා ප්‍රකාශ කළේ, ඒ පිළිබඳ සිදුකළ අධ්‍යයනය මගින් සකස් කරන ලද වාර්තාවක් හා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.

මීට දශක කිහිපයකට පෙර මෙරට පාම් වගාව ආරම්භ කළ ද ඉන්පසු ඒ සම්බන්ධව ඇතැම් පාර්ශ්ව එල්ල කරන ලද විරෝධතා හා චෝදනා සැලකිල්ලට ගනිමින් පාම් වගාව ප්‍රවර්ධනය කිරීම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අත්හිටු විය.

එවකට එළැඹි ගිවිසුම් අනුව අක්කර 20,000ක පාම් වගා කිරීමට සැලසුම් කළ ද මේ වනවිට මෙරට පාම් වගාව ව්‍යාප්තව පවතින්නේ අක්කර 11,000ක පමණි.

මේ අතර ශ්‍රී ලංකාවේ පාම් වගාව සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් අද දින (20) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

මෙරටේ පාම් වගාව ආශ්‍රිත නිෂ්පාදන එම ගිවිසුම යටතේ මිලදී ගැනීමට ඉන්දුනිසියානු රජයේ එකඟත්වය පළ කර ඇති අතර මෙරට පාම් වගාව ව්‍යාප්ත කිරීම සඳහා රුපියල් බිලියන 4.5ක ආයෝජනයක් සිදුකිරීමට සූදානම් බව ද මෙහිදී තානාපතිනිය ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *