ගෝඨාගේ ඡන්ද කඩන්න ජවිපෙන් ජනපති සටනට විශ්වවිද්‍යාල ඇදුරෙක්!

April 15, 2019 at 7:20 am | by admin

එළඹෙන ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ අපේකෂකයා ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ඉදිරිපත් කිරීමේ සැලසුමක් ඇතැයි අනාවරණය වෙයි.

20 වෙනි සංශෝධනය මගින් ජනාධිපති ධුරය අහෝසි කිරීමට ගෙන ගිය සටන මේ වන විට පරාජයට පත්ව ඇති නිසා ජවිපෙ මෙම තීන්දුව ගෙන ඇති අතර පක්ෂයට හිතවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ වෘත්තිකයන් සමග මේ පිළිබඳ සාකච්ඡා කර තිබේ.

මේ වන විට සාම්ප්‍රදායික දේශපාලකයන්ට සමාජය තුළ එතරම් ප්‍රසාදයක් නොමැති වීමත් උගත් බුද්ධිමත් වෘත්තිකයන්, තරුණ පරපුර ඇතුළු මධ්‍යම පාන්තික බොහෝ පිරිසක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත ආකර්ෂණය වීමත් මෙම තීන්දුවට හේතු වී ඇතැයි වාර්තා වෙයි.

එමගින් ජවිපෙ අපේක්ෂකයාට එජාප විරෝධී ඡන්ද ප්‍රමාණයක් සිය පක්ෂයට ලබාගත හැකි යැයි ඔවුහු සිතති. මේ පිළිබඳ තවමත් සාකච්ඡා වෙමින් පවතින අතර ජවිපෙ පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොකිරීමට මේ වන විටත් තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස