ගෝඨාගේ ඡන්ද කඩන්න ජනාධිපතිවරණයට ආවා නම් බොදුබලේ හිමියන්ට කෝටි 200ක්!

October 20, 2019 at 8:01 pm | by emanisa.lk

මෙවර ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ නම් රුපියල් කෝටි ගණනක මුදලක් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත ලබාදීමට ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයක ප‍්‍රබල දේශපාලනඥයකු උත්සාහ කර ඇත.

එම මුදල රුපියල් කෝටි පනහේ සිට දෙසීය දක්වා වුවද ඉහළ දැමිය හැකි බවද එම පුද්ගලයා දැනුම් දී තිබේ.

ඥානසාර හිමි එය සත්‍ය තොරතුරක් බවත් දේශපාලනඥයකු තමන් වහන්සේව එසේ මිලට ගැනීමට තැත් කළ බවත් තහවුරු කර තිබේ.

රුපියල් ශතවලට රට පාවාදිය නොහැකි බවත් ඉදිරියේදී තවත් අනාවරණයන් කිහිපයක් රට හමුවේ හෙළිකිරීමට කටයුතු කරන බවත් එහිමියන් වැඩිදුරටත් ප‍්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස