ගොවීන් වස බොන යුගය නිමා කළේ ඩඩ්ලි සිරිසේනලා…! – දයාසිරි…

October 12, 2021 at 10:06 pm | by emanisa.lk

මේ රටේ ගොවීන් 1994ට පෙර සිය වී අස්වනු විකුණාගත නොහැකිව වස පානය කර සිය දිවි නසාගත් බව රාජ්‍ය අමාත්‍ය, ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

එකල වී ඉතා ම අඩු මිලකට කොළඹ ව්‍යාපාරිකයින් පිරිසක් විසින් මිලයට ගත් බව ද ඇමැතිවරයා සිහිපත් කරයි.

ගොවියා වස බොන යුගය නිමා කළේ ඩඩ්ලි සිරිසේන, සිරිපාල ගම්ලත් ඇතුළු මෝල් හිමියන් බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

ගොවීන්ට අස්වනු සඳහා ඉහළ මිලක් ලබා දුන්නේ එම මෝල් හිමියන් බවත් වී සඳහා පාලන මිලක් දැමීම වරදක් බවත් දයාසිරි ජයසේකර වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *