ගොවීන් ලක්ෂ 28ක් ක්ෂුද්‍ර මූල්‍ය ණය තොණ්ඩුවේ! 170ක් සිය බිලි අරන්!

March 9, 2019 at 4:41 pm | by admin

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දිස්ත්‍රික් 12ක ජනතාව අතරින් 2845 000 ක්ෂුද්‍ර ණය උගුලේ සිර වී ඇති බව වාර්තා වෙයි. මෙම උගුලට හසු වී ඇති පිරිසෙන් 2490 000ක් කාන්තාවන්ය. ඒ අතරින් බහුතර ගොවි පවුල්වල මව්වරු බව ද සඳහන්ය. මෙම ණය උගුල නිසා කරකියාගත හැකි දෙයක් නොමැතිව සිය දිවි නසාගත් ගොවීන් පිරිස මේ වන විට 170කි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් ගැමි ගොවි කාන්තාවන්ගේ පොළොන්නරුව දිස්ත්‍රික් කැඳවුම්කරු එම්. කේ. ජයතිස්ස පවසන පරිදි මෙම ණය උගුල නිසා අවසන් වරට සිය දිවි නසාගෙන ඇත්තේ ඇලහැර දියබෙදුම ඇල කිඹුලාවල පදිංචි වී සිටි චාමර ප්‍රේමකීර්ති නම් 30 හැවිරිදි තරුණ ගොවියෙකි.

පසුගියදා ජනාධිපති සොහොයුරු ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කළේ ක්ෂුද්‍ර ණය මූල්‍යකරුවන්ට පහර දී ගම්වලින් පන්නා දැමිය යුතු බවයි. ඔවුන්ගේ ගසාකෑම නිසා ගොවීන් සිය ගේ දොර ඉඩකඩම් විකුණන තැනට පත්ව ඇතැයි ඔහු චෝදනා කළේය. රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ණය ලබා දීමේ ක්‍රියාවලිය බෙහෙවින් සංකීර්ණ වීම මෙවැනි ජාවාරම්කරුවන්ට ජනතාව අතරට රිංගා ගැනීමට ආශීර්වාදයක් වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *