ගොවීන්ට නොමිලේ පොහොර සමග රු. 20 000ක්…!

May 26, 2023 at 8:30 am | by emanisa.lk

තෝරාගත් ගොවීන් පිරිසක් සඳහා නොමිලේ යූරියා පොහොර මිටියක් ලබාදීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන්නේ හෙක්ටයාර භාගයට වඩා අඩු කුඹුරු වගා කරන ගොවීන්ට මෙම යූරියා පොහොර මිටිය හිමිවන බවය.

මේ වන විට අදාළ වැඩසටහන දිස්ත්‍රික්ක 07ක ක්‍රියාත්මක අතර හෙක්ටයාරයකට රුපියල් 20,000 බැගින් ලබා දීමේ වැඩසටහන ද මේ වන විට ආරම්භ කර ඇතැයි ඇමැති අමරවීර සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස