ගොවි විරෝධතා පිටුපස සිටින ජවිපෙ නායකයින් මර්දනය හෙළා දකිනවා….! – අනුර….

July 6, 2021 at 9:19 am | by emanisa.lk

ගොවි ජනතාවගේ ගැටලු විසඳා ගැනීමට සිදුකරන විරෝධතා වෙනුවෙන් නායකත්වය ලබාදෙන සිය පක්‍ෂයේ සාමාජිකයන් මර්දනය කිරීමට රජය ගෙන යන ක්‍රියා මාර්ග දැඩිව හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

“ජනතාවට සිදුවන පීඩාවට එරෙහිව ජනතාව ගෙන යන සාධාරණ සටන්, විරෝධතා, ජනපතිවරයා මර්දනය කළ යුතු ඒවා ලෙස දකිනවා නම් ඒවා දවල් හීන පමණයි.

ගොවි ජනතාව පොහොර නිසාත්, ධීවර ජනතාව ඉන්ධන මිල වැඩිවීමට එරෙහිවත් නඟන විරෝධතා නතර කළ හැකි වන්නේ එම ජනතාව මුහුණ දී ඇති පීඩාවන් ඉවත්කිරීමෙන් පමණයි.

සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න සහෝදරවරුන්ට සහ වැලිමඩ ප‍්‍රදේශයේ ගොවි නායකයන්ට, ස්වාමීන් වහන්සේලාට දැනටමත් කටඋත්තර දෙන්න කියා නියෝග ලබා දී තිබෙනවා.

මේ කරන්න හදන්නේ බිය වැද්දීම්, විරෝධතාවන් මර්දනය කිරීම්. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ මර්දනය කිරීම් බිය වැද්දීම් අසාර්ථක ක්‍රියාමාර්ග කියලා. කවුරු ආපස්සට හැරුණත් අපි ජනතාවගේ සාධාරණ අයිතීන් වෙනුවෙන් කරනු ලබන සෑම විරෝධතකට ම නායකත්වය ලබා දෙනවා.”

කොළඹ දී ඊයේ (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජවිපෙ නායකයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස