ගොවියා සමග ආණ්ඩුවේ සෙල්ලම වහා නවතනු…! ගොවිතැන රකින අපේ ප්‍රතිපත්ති ආණ්ඩුව උඩුයටිකුරු කරලා…! – සජිත්

September 17, 2021 at 3:10 pm | by emanisa.lk

ගොවි ජනතාව සමග ආණ්ඩුවේ සෙල්ලම වහා නවතා රටේ සමස්ත ජනතාවගේ නාමයෙන් ගොවි ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි සංවේදීව වහා විසඳුම් සලසන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මැතිවරණයට පෙර තිබූ ආණ්ඩුවේ කෘෂිකර්මය සම්බන්ධ ප්‍රතිපත්තිය අද වන විට සහමුලින්ම උඩුයටිකුරු වී ඇති බවත් ගොවියා නඟා සිටුවනවා වෙනුවට ගජමිතුරන් පෝෂණය කිරීම ආණ්ඩුව විසින් සිදුකරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

“ආහාර සුරක්‍ෂිතභාවය අන් කවරදාටත් වඩා අද වන විට සුවිශේෂී වී ඇති නමුත් ආණ්ඩුව ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ගොවියා සම්පුර්ණයෙන්ම අකර්මණ්‍ය කොට ඇත.

මැතිවරණයට පෙර තිබූ ආණ්ඩුවේ කෘෂිකර්මය සම්බන්ධ ප්‍රතිපත්තිය අද වන විට සහමුලින්ම උඩු යටිකුරු වී ඇති අතර ගොවියා නඟා සිටුවනවා වෙනුවට ගජමිතුරන් පෝෂණය කිරීම ආණ්ඩුව විසින් සිදුකරමින් සිටී.

කොරෝනා ව්‍යසනය සමඟ අරගල කරන ලොව බොහෝ රටවල් සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව සිය ප්‍රමුඛත්වය ලබා දී ඇති නමුත් මෙරට ආණ්ඩුව ඒ දෙකම දුර්මුඛ කොට අවශේෂ ලෙස පසෙකට දමා තිබේ.

එහි ඛේදවාචකය අවාසනාවන්ත ලෙස අත්විඳින්නට සිදුවන්නේද අහිංසක පුරවැසි පරපුරට මිස අවස්ථාවාදී ආණ්ඩුවට නොවේ.එබැවින් රටේ සමස්ථ ජනතාවගේ නාමයෙන් ගොවිජනතාවගේ ප්‍රශ්න කෙරෙහි සංවේදීව වහා විසඳුම් සලසන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරමු.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස