ගොවියා රකින තවත් පියවරක්! එළවළු තොග රජය මිලට ගනී!

April 11, 2020 at 8:49 am | by emanisa.lk

දේශිය එළවළු ගොවියාගේ එළවළු තොඟ අද(11) සිට රජය විසින් මිළදී ගැනිමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් මේ වන විට වසා තැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

විශේෂ මිල ගණන් යටතේ එළවළු මිලදී ගැනිම ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා සිදු කරන බව ද ඔහු අනාවරණය කළේය.

දඹුල්ල ප්‍රදේශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස