ගොවියා ධීවරයා කම්කරුවා රජ කරවන යුගයක් හදනවා…! – සජිත්…

August 5, 2024 at 9:42 am | by emanisa.lk

ගොවියාට පොහොර සහනාධාර දෙන්න රජයට මුදල් නොමැති වුවත් ජනාධිපතිගේ සුඛවිහරණය සඳහා කෝටි ගණන් මුදල් වෙන් කිරීමට මුදල් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙම සංස්කෘතිය වෙනස් කර ගොවියා, කම්කරුවා, ධීවරයා රජ කරවන වැඩපිළිවෙළක් සමගි ජන බලවේග රජයක් තුළ ක්‍රියාත්මක කරන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

රටේ ජනාධිපතිවරයා රට වෙනුවෙන් වැඩිම කැපකිරීමක් කළ යුතු වුවත් තරු 7 හෝටල් මන්දිරවල සුපිරි ජීවිත ගත කරමින් පොඩි මිනිසාගේ දුක කඳුල වේදනාව නොතේරෙන ලෙස ඔහු කටයුතු කරමින් සිටින බවට ද ප්‍රේමදාස මහතා චෝදනා කළේය.

නුවරඑළිය හඟුරන්කෙත ඊයේ (04) පැවැති සමගි ගොවි සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *