ගොවිතැන ඉතිහාසයේ දරුණුතම ඛේදවාකයේ..! පොහොර නැතිව ගොවියා කුපිත වෙලා…! මට පොළොන්නරුවට යන්නත් බැරි වෙයි…! – මෛත්‍රී…

October 10, 2021 at 8:56 pm | by emanisa.lk

පොහොර නොමැතිවීමෙන් ගොවියා මුහුණ පා ඇති ඛේදවාචකය හේතුවෙන් ඉදිරියේ දී තමාට ද පොළොන්නරුවට යාමට නොහැකි තත්ත්වයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

පොහොර නොමැතිවීම හේතුවෙන් කෘෂිකර්මාන්තයේ ඇති වී ඇති අර්බුදය නිසා ගොවියාට යන එන මං නැති වී ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා මෑත ඉතිහාසයේ කෘෂිකර්මාන්තයේ ඇති වූ විශාලම ඛේදවාදකය මේ වන විට දක්නට ලැබෙන බව ද සඳහන් කළේය.

‘මේ තත්වය තුළ තව ටික දවසකින් මටත් පොළොන්නරුවේ යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ’ යැයි කී හිටපු ජනාධිපතිවරයා ‘ගොවීන් තුළ ඇති ආවේගය, සංවේදීතාව, පීඩනය නිසා මටත් එන්න එපා කියන්න පුළුවන්’ යැයි කීවේය.

හිටපු අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ 21 වැනි ගුණ අනුස්මරණ උත්සවයට ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලයේ දී අද (10) එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස