ජාතික ජන බලවේග ආණ්ඩුවක් බුදු දහමට ව්‍යවස්ථාවෙන් හිමි වන ප්‍රමුඛතාව හෝ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය අනතුරට ලක්කරන කිසිදු තීන්දුවක් නොගන්නා බව එම පක්ෂයේ විධායක සභික විජිත හේරත් පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති විමසුම වෙනුවෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් ඊයේ (16) කොළඹ දී අමතමිනි.
කෙසේ වුව ද මෙහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ බෞද්ධ ආගම හෝ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය පිළිබඳ ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිසිවක් අඩංගු නොවන බවයි.
ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 වන පිටුවේ 2015 යහපාලන ආණ්ඩුව යටතේ ගෙන ඒමට සැලසුම් කළ ලාල් විජේනායක කමිටුව යෝජනා කළ ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව කඩිනමින් බලාත්මක කරන බව සඳහන්ව ඇතැයි සර්වජන බලය විධායක සභික ගෙවිඳු කුමාරතුංග සඳහන් කළේය.
ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව අනාගමික ෆෙඩරල් රාජ්‍යයක් කිරීමට යෝජනා කර ඇති බවත් ප්‍රකාශ කළ ගෙවිඳු කුමාරතුංග එය ප්‍රශ්න කිරීමට පෙර විජිත හේරත් සභාවෙන් නැගිට යෑම පිළිබඳ කනගාටු වන බව ද ප්‍රකාශ කළේය.
ජාතික ජන බලවේගය ක්‍රියාත්මක කරන්නේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය නොව විජිත හේරත් බෞද්ධ මහා සම්මේලනයේ දී ප්‍රකශ කළ අදහස් යැයි කියන්නේ නම් තමන් ද අත්පොළසන් දෙන බවයි, ගෙවිඳු කුමාරතුංග එහි දී වැඩි දුරටත් සඳහන් කළේ.