ගෙදර ගැටුම් බත ඉදෙන කල් විතරයි! රනිල්ගේ තොල් රතු ..ක් කොල්ලා සුදත් එජාප ජාතික ලැයිස්තුවට!

March 19, 2020 at 11:49 pm | by emanisa.lk

2018 වසරේ එවක අගමැති රනිල් වික්‍රමසිංහ දැඩි දෝෂාරෝපණයට ලක් කරමින් දීර්ඝ ලිපියක් ලියමින් අගමැතිවරයාගේ පෞද්ගලික සහකාර සහ එජාප සන්නිවේදන බලක අධ්‍යක්ෂ ධුරයෙන් ද ඉල්ලා අස් වූ සුදත් චන්ද්‍රසේකර මෙවර එජාප ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

එම ලිපිය අවසානයේ සුදත් චන්ද්‍රසේකර සඳහන් කර තිබුණේ අවසානයේ තමන්ට ඉතිරි වුණේ රනිල්ගේ තොල් රතු ..ක් කොල්ලා යන නාමය පමණක් බවය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාසට සහාය පළ කළ සුදත් චන්ද්‍රසේකර සජිත් අතැර නැවතත් රනිල් වික්‍රමසිංහ සමග සමීපව කටයුතු කරන බව මෙමගින් තහවුරු වෙයි.

මීට අමතරව ජෝන් අමරතුංග, සමන් රත්නප්‍රිය, ආශු මාරසිංහ, කරුණාසේන කොඩිතුවක්කු, නිශ්ශංක නානායක්කාර සහ රෝහිත බෝගොල්ලාගම ඇතුළු පිරිසක් ඊට ඇතුළත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස