ගෘහස්ථ විදුලි බිල වැඩි කරන්නේ නෑ! ව්‍යාපාරික ස්ථානවල විදුලි බිල ගැන තවම තීරණයක් අරගෙන නෑ! – ඇමති රවී

April 9, 2019 at 9:40 am | by admin

කිසි ලෙසකින් ගෘහස්ථ විදුලි මිල වැඩි කරන්නේ නැතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රවි කරුණානායක පැවැසීය.

ව්‍යාපාරික ස්ථානවල විදුලි බිල වැඩි කරනවාද යන්න අද (09 දා) දිනයේ තීරණය කරන බවත් ඒ සම්බන්ධයෙන් පවත්වනු ලබන විශේෂ සාකච්ඡාවක් අද දිනයේදී වාණිජ මණ්ඩලයේ ප‍්‍රධානීන් සමග පවත්වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඊයේ (08 දා) විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ශ‍්‍රවණාගාරයේදී මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන් හමු වූ අවස්ථාවේදී ඇමැතිවරයා ඉහත කරුණු අවධාරණය කළේය.

2021 වන විට මෙරට විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිසම අතර පවත්වන ගැටලුව සම්බන්ධයෙන් අද දිනයේ ඇමැති මණ්ඩලයේ අවධානය යොමු කරවන බවද මෙහිදී කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස