ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 400කින්වත් ඉහළ දැමිය යුතුයි….!

June 15, 2021 at 1:42 pm | by emanisa.lk

ගෑස් සමාගම් පවත්වා ගෙන යාමට නම් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 400 කින්වත් වැඩි කළ යුතු බවට වන යෝජනාවක් ගෑස් මිල සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ දී ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

ගෑස් මිල සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති කමිටුව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී ඊයේ (14) රැස් වූ අවස්ථාවේ දී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත.

ඇමතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, ලසන්ත අලගියවන්න සහ ගෑස් සමාගම් දෙකේ ප්‍රධානීහු මෙන් ම වෙළඳ අමාත්‍යාංශයේ හා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු පිරිසක් ද ඊට සහභාගි වූහ.

ඩොලරයේ අගය ඉහළ යාමත්, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල විශාල වශයෙන් ඉහළ යාමත් යන කාරණා මත ගෑස් මිල වැඩි කළ යුතුව ඇතැයි ගෑස් සමාගම් ප්‍රධානීහු එහි දී පෙන්වා දුන්හ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *