අරලගංවිල ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක් කළ ගුවන් හමුදා සෙබලා ඊයේ(28) උදෑසන මුදවා ගැනීමට සමත් වූ බව ගුවන් හමුදා මාධ්‍යය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ පවසයි.
එහි දී ඔහු වැඩිදුරටත් පැවසුවේ, මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ මඩකලපුව ගුවන් හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කරන අරලගංවිල ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා සෙබලෙකු බවයි.
මෙම සෙබලා පසුගිය 27 වනදා අරලගංවිල ප්‍රදේශයේ පිහිටි තම නිවසේ සිට මඩකලපුව ප්‍රදේශයේ පිහිටි ගුවන් හමුදා කඳවුරට සේවය සඳහා යමින් සිටියදී මෙම පැහැර ගැනීමට ලක්ව ඇත.
සෙබලාව පැහැර ගැනීමෙන් පසු පහර දී නිරුවත් කර ගස් බැඳ තබා ඇති අතර සෙබලාව බැඳ තබා තිබූ ගසේ “කෘර දේශපාලනයට උදව් කරන ගැත්තන් මරා දමන්නේ මේ විදියට” යනුවෙන් ද්‍රවිඩ භාෂාවෙන් ලියන ලද පුවරුවක් එල්ලා තිබී ඇත.
ගුවන් හමුදාව සහ පොලිසිය එක්ව සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකරමින් තිබේ.