ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තය වසා දමයි…! ප්‍රභූන් සාමාන්‍ය ජනතාව සමග පෝලිමේ…!

May 6, 2022 at 10:29 am | by emanisa.lk

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු ගුවන්තොටුපළවල ශ්‍රී ලාංකික ප්‍රභූන් සඳහා ප්‍රභූ පර්යන්තයන්හි ආගමන හා විගමන රාජකාරි කටයුතු (වී.අයි.පී) සහ විශේෂ සත්කාර මගින් සඳහා වන සේද මාවත (සී.අයි.පී) මගී නිෂ්කාශන කටයුතු හෙට (6) සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

රටේ උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා පාලකයන් ජාතික වැඩපිළිවෙළක් සකස් කර නිශ්චිත විසඳුමක් ලබාදෙන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පවත්වාගෙන යන බව ද ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය කියයි.

ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ. ඒ. ඒ. එස්. කණුගලගේ අත්සනින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *