ගුවන්තොටින් පළා ආ ඉතාලි කොරියන් චණ්ඩි මාට්ටුයි! ගම්මු එක්වී නිරෝධායනයට සූදානම්!

March 14, 2020 at 8:11 am | by emanisa.lk

රජයේ නිරෝධායන ක්‍රියාවලියට සහභාගී නොවී ගුවන්තොටුපළෙන් රහසිගත ලෙස පිටවී නිවෙස් බලා ගිය කිහිපදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට සමාජ ජාල ඔස්සේ හෙළිදරව් කරමින් ඇත.

මේ පිරිස ඉතාලියේ සහ දකුණු කොරියාව සිට පැමිණ නිරෝධායන කටයුතුවලින් මිදී පැනවිත් තිබේ.

සමාජ ජාලා වෙත එම පුද්ගලයන්ගේ නම් ගම් සහිතව තොරතුරු මුදාහැර මුදාහැරීමට ප්‍රදේශවාසීන් විසින් කටයුතු කර ඇත.

මෙම පිරිස් පිළිබඳ හෙළි කළ අය ඉල්ලා සිටින්නේ පොලිසිය ලවා හෝ මෙම පිරිස් කැඳවා ගෙන ගොස් නිරෝධායන කටයුතු සිදුකරන ලෙසය.

එම පිරිස් නිරෝධායනයට ලක් නොකර නිදහසේ ගම්බිම්වල හැසිරීම ජන ජීවිතයට අතිශය අවදානම් බව ඔවුන්ගේ අදහස වී ඇත.

කොරොනා රෝගීන් තිදෙනකු ඊයේ (13) දිනයේදී හමු වීවෙන් පසු එම ප්‍රදේශවාසින් මේ බව හෙළි කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස