ගුරු සංගමේ මහින්දට කොරියාවෙන් මරණ තර්ජන…..!

July 30, 2021 at 10:14 pm | by emanisa.lk

තමන්ට කොරියාවේ සිට කිසියම් පුද්ගලයෙකු දුරකතනයෙන් අමතා මහ පාරේ මරා දමන බවට තර්ජනය කළේ යැයි හිටපු ජවිපෙ පළාත් සභා මන්ත්‍රී, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

මේ ආකාරයට තර්ජනය කර ගුරුවරුන්ට හිමි වැටුප ලබා දීමේ අරගලය නතර කළ නොහැකි බව මහින්ද ජයසිංහ අවධාරණය කරයි.

තමන්ට එරෙහිව කවර මඩ ප්‍රචාර දියත් කළ ද තර්ජන ගර්ජන එල්ල කළ ද මහ පාරේ මරා දැමුව ද ගුරු සටහන ජයග්‍රහණයෙන් කෙළවර කරන තුරු මෙම අරගලය නතර නොකරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *