ගුරු සංගම් කුමන්ත්‍රණ කතා පුස්සක් වෙයි… උතුරු මැද ප්‍රශ්න පත්‍ර පිට කළේ ගුරෙක්.. වැඩ තහනම්..!

January 8, 2025 at 11:20 am | by emanisa.lk

උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණියේ වාර විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ වැඩතහනම් කර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි එම වැඩ තහනම් කිරීම සිදුකර ඇති බව උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.

මෙම ප්‍රශ්න පත්‍ර පිටකිරීම තමන් සිදුකළ බව අදාළ ගුරුවරයා පාපෝච්චාරණය කර ඇති බවයි, වාර්තා වන්නේ.

කෙසේ වුව ද ගුරු සංගම් චෝදනා කළේ එය නිලධාරින්ගේ කුමන්ත්‍රණයක් බවටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *