ගුරු විරුවෙකු ලෙස දිලෙන්න…! 21 සිට ගෙදර ඉන්න…! – ගුරු සංගම්…

October 17, 2021 at 11:32 am | by emanisa.lk

ගුරුවරයා වීරයෙකු ලෙස බබළන්න නම් දිගට ම වර්ජනය කළ යුතු බව ගුරු විදුහල්පති සන්ධාන සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබා තිබේ.

එහි සඳහන් වන්නේ ගුරුවරයා වීරයෙකු ලෙස දිලෙන්න නම් පාසල් ආරම්භ කරන එළඹෙන 21 වෙනිදා ද සිට ගෙදර සිටිය යුතු බව ය.

මේ වන විට වසර දෙකකට ආසන්න කාලයක් ගුරුවරුන් කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසලට කැඳවූයේ නැත. අනතුරුව කෙටි කලක් ඔන්ලයින් ඉගැන්වීම් කළ ද පසුගිය මාස තුනකට අධික කාලය පුරා වැඩ වර්ජනයක නිරත විය.

මේ කාලය පුරා කිසිදු අඩුවක් නොමැතිව ගුරුවරුන්ට පඩි ගෙවීමට ආණ්ඩුව කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *