ගුරු විදුහල්පති සේවය සංවෘත සේවයට…! නොවැම්බර් 20 පෙර ගැසට්ටුව…! – ගුරු ගැටලු විසඳන ඇමැති අනුකමිටු යෝජනා මෙන්න..

August 25, 2021 at 3:44 pm | by emanisa.lk

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව සඳහා සාධාරණ විසඳුමක් ලබාදීමට පියවර ගතයුතු යැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඇමති අනු කමිටුව සිය වාර්තාව මගින් රජයට නිර්දේශ කර ඇත.

රට තුළ පවත්නා වසංගත තත්වය හේතු කොට ගෙන සමස්ත ආර්ථිකයට සිදුව ඇති බලපෑම සැලකිල්ලට ගෙන, මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම අයවැයෙන් ප්‍රකාශයට පත්කර, අදියර ගතව ක්‍රියාත්මක කිරීම සුදුසු බව ද කමිටුව නිර්දේශ කර තිබේ .

ගුරු, විදුහල්පති, ගුරු උපදේශක සහ අධ්‍යාපන පරිපාලන යන සේවා ඒකාබද්ධ කොට, එය සංවෘත සේවාවක් බවට පත් කළ යුතු යැයි ද කමිටුව සිය වාර්තාවෙන් යෝජනා කර ඇත.

එහි පළමු විසඳුම ලෙස, ගුරු විදුහල්පති සේවා සංවෘත සේවාවක් බවට පත් කිරීමේ විධිවිධාන ලබන නොවැම්බර් මස විසි වැනිදාට පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන්නැයි ද කමිටුව රජයට නිර්දේශ කර ඇත.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඇමැති අනුකමිටුවේ වාර්තාව ඉකුත් සඳුදා පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබූ අතර, එය ලබන සතියේ සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට නියමිතව ඇත.

අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග සහ මහින්ද අමරවීර එම අනු කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස