ගුරු වැටුප් වැඩි කළ නොහැකි බව කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීන්දු කළා…! – ගාමිණී ලොකුගේ…

August 3, 2021 at 8:01 am | by emanisa.lk

රටේ පවතින මූල්‍ය අර්බුදය අනුව මේ මොහොතේ ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමක් කළ නොහැකි බවටත් ඒ පිළිබඳ යමක් කිරීමට ඉදිරි අයවැයේ දී සලකා බැලීමටත් කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීන්දු කළ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.

ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය වර්තමාන ආණ්ඩුව සමයේ ඇති වූ ගැටලුවක් නොවන බවත් ඔවුන් ඉල්ලා සිටින වැටුප් වර්ධකය ලබා දීමට රු. බිලියන 56ක් උවමනා බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

එහෙයින් ගුරුවරුන් මේ පිළිබඳ දැනුම්වත් කිරීම හැර විකල්පයක් නොමැති බවත් උද්ඝෝෂණ සහ වර්ජන කිරීම ඔවුන්ගේ අයිතියක් බවත් ඇමැති ලොකුගේ වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

ඊයේ (02) රාත්‍රියේ පැවැති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *