ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීම සඳහා කමිටු පත්කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා පවසයි.
“රාජ්‍ය, පෞද්ගලික අංශ ඇතුළු සියළු දෙනා ජනවාරි මස සිට වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වුණා.. ආණ්ඩුව ඇයවැයෙන් වැටුප් කිරීමක් සිදු කරනවා කියනවා. ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයේ ඉතිරි 2/3 අපි බලාපොරොත්තු වෙනවා.
ගුරු – විදුහල්පතිවරුන් වැටුප් සම්බන්ධයෙන් විශාල අරගලයක් අපි සිදු කලා. එම අරගලය නිසා අධ්‍යාපන අමාත්‍යංශයේ සුබෝදනී මහත්මිය ප්‍රමුඛ කමිටුවක් පත් කළා. වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් ලබාදුන්න යෝජනාවෙන් 1/3 වැටුප් වැඩිවීමක් තමයි ලැබුණේ.
එකෙන් වැඩි නොවු ඉතිරි 2/3 වැටුප් වැඩි වීම ලබාදෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරිපිට 2024 වසරේදි අපි විශාල අරගලයක් සිදු කළා.
වත්මන් රජයේ ඇමතිවරයෙක් කියනවා ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් කමිටුවක් පත් කරන්න ඕනි කියලා. කමිටු පත් කරන්න අවශ්‍ය නෑ. කමිටු හදලා යෝජනාවක් ඉදිරිපත් කරලා 1/3 වැටුප් වැඩිවිමක් ලබා දීලා තියෙන්නේ.. ඉතිරි 2/3 විතරයි ලබාදෙන්න තියෙන්නේ.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 20000 කින් වැඩි කරන ලෙස සිදු කල උද්ඝෝෂණවලට වත්මන් රජයේ මැති අමතිවරුන් හිටියා. දැන් ඒ පිලිබඳව අවධානය යොමු කරන්න.”
හැටන් නගරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.