ගුරු වර්ජනය සාධාරණයි…! ගුරු විරෝධතාවට සැලකූ හැටි ශෝචනියයි…! ආණ්ඩුව වහා ගුරු ඉල්ලීම් ඉටු කළ යුතුයි…! – ඇල්ලේ ගුණවංශ හිමි….

July 17, 2021 at 12:56 pm | by emanisa.lk

රටේ අනාගතය වන දරු පරපුරේජඅධ්‍යාපනය බිඳ වැට්ටීමට කටයුතු නොකර ගුරු සංගම්වල සාධාරණ ඉල්ලීම්වලට සාවදානව සවන්දී ඒවාට විසඳුම් ලබා දීමට රජය වහාම පියවර ගත යුතු බව ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කළහ.

“කොතලාවල අධ්‍යාපන පීඨ පනත ප්‍රශ්නය මේ රටට හොඳ එකක් නොවෙයි. ඒ වෙනුවෙන් විරුද්ධත්වය ප්‍රකාශ කළ ගුරු වෘත්තීය සමිතිවලට එදා සැලකූ ආකාරය ශෝචනීයයි. හරි නම් එයට විරුද්ධව සිවිල් සංවිධාන සහ මෙරට ජනතාව නැඟී සිටිය යුතුයි.

නමුත් එවැන්නක් වුණේ නැහැ. අපි කියන්නේ ගුරුවරුන්ගේ ප්‍රශ්න පන්දුවක් කර නොගෙන විසඳුම් ලබාදීම කරන්න කියලයි. පසුගිය කාල සීමාවේ දී ගුරුවරුන් විශාල කැපකිරීම් කළා. ඔන්ලයින් ඉගැන්වීමත් ඒ අය කළේ යහපත් චේතනාවෙන්.

මේවාට හොඳ කියන්න ඕනෑ වෙලාවක මහ පාරේ ඇදගෙන ගිහින් කූඩු කරලා දාන එක ලොකු අපරාධයක්. ආණ්ඩුව කළ යුත්තේ ගුරුවරු විවේචනය නොකර ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම. ගුරු සටන සාධාරණයි.”

පසුගිය කාලසීමාවන්හිදී විශාල කැපකිරීම් කරමින් මෙරට දරු පරපුරට අධ්‍යාපනය ලබා දුන් ගුරුභවතුන්ට වර්තමානයේ දී ඉතා අශීලාචාර ලෙස සලකමින් අඩන්තේට්ටම් කිරීම තමන්වහන්සේ දැඩි පිළිකුලෙන් යුතුව
හෙළාදකින බවද ගුණවංශ හිමියෝ පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *