ගුරු වර්ජනය සම්පූර්ණයෙන් අසාර්ථකයි… සාර්ථක වර්ජනයක් අපි ඉදිරියේ දී කරනවා…! – ජෝෂප් ස්ටාලින්…

May 31, 2024 at 10:35 am | by emanisa.lk

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව විසඳන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති එකමුතුව ඊයේ (30) රට පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සම්පූර්ණයෙන් අසාර්ථක බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

සියලු පාසල්වල සිසුන් සාමාන්‍ය පරිදි පැමිණ සිටි අතර පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි ඊයේ ද සිදු වූ බව ද මෙම වැඩවර්ජනය ගුරු විදුහල්පති අරගලය දුර්වල කරන අරගලයක් බව ද ස්ටාලින් මහතා කීවේය.

ලෙඩ නිවාඩු වාර්තා කරමින් රජයේ සහ රජයට අනුබද්ධ ආයතනවල ගුරුවරුන් ක්‍රියාත්මක කරන මෙම වැඩවර්ජනයට ගුරු විදුහල්පති සන්ධානය එක්ව නැති බව ද ඔහු ප්‍රකාශ කළේය. යම් අරගලයක් ජයගත හැකි වනුයේ එකට එක්ව බවත් ගුරු විදුහල්පති සන්ධානය අරගලයක් ඉදිරියේදී සංවිධානය කර තිබුණත් එය කඩාකප්පල් කිරීම සඳහා මෙම වැඩවර්ජනය ක්‍රියාවට නංවා ඇති බවත් ඒ මහතා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *