ගුරු ප්‍රශ්නය දේශපාලන උවමනා ඉටුකර ගැනීමට යොදා ගැනීමෙන් ජනතා සහාය නැති වුණා…! – ඇමැති ප්‍රසන්න…

August 11, 2021 at 1:51 pm | by emanisa.lk

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ලබාදීමට ආණ්ඩුව සූදානම් නමුත්, දේශපාලන උවමනාව මත ගුරුවරුන් මතු කරන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ආණ්ඩුව සූදානම් නොමැති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

වසර 25 ක් පුරා පවතින මෙම ගැටලුවට විසඳුම් ලබාදීමට පොදුජන පෙරමුණ මැතිවරණ වේදිකාවේ දී පොරොන්දු වූ නමුත් කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් එම ගැටලුව විසඳීම ප්‍රමාද කිරීමට සිදුව ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

ගුරුවරුන් ඒ බව තේරුම් ගතයුතු බවත් මේ මොහොතේ වඩාත් වැදගත් වන්නේ වසංගතයෙන් ජනතාව හා රට බේරා ගැනීම බවත්, සියලු දෙනාට ඒ වෙනුවෙන් යම් යම් කැපකිරීම් සිදුකළ යුතු බවත් ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි.

කොවිඩ් වසංගත තත්ත්වය යළිත් උත්සන්න වීම සඳහා ගුරු වර්ජනය ද බලපෑ බව ඇමතිවරයා පවසයි. ගුරුවරුන්ට බලපෑ සැබෑ ප්‍රශ්නයක් දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීම සඳහා යොදාගත් බව මේ වන විට ජනතාවද අවබෝධ කරගෙන සිටින බවත්, ඒ නිසා ගුරු අරගලයට සහාය දැක්වූ ජනතාව ද දැන් ඔවුන්ට විරෝධය දක්වන බවත් ප්‍රසන්න රණතුංග පෙන්වා දෙයි.

අරගලයට සහාය දැක්වූ ඇතැම් ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ද දැන් සැබෑ තත්වය වටහාගෙන අරගලයෙන් ඉවත්වී ඇතැයි පෙන්වා දෙන ප්‍රසන්න රණතුංග පවසන්නේ දරුවන් බිල්ලට නොදී කටයුතු කිරීම ගුරුවරුන්ගේ වගකීමක් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස