ගුරු, කම්කරු, සිසු උද්ඝෝෂණයේ ප්‍රතිඵල ඉදිරි දිනවල ලැබෙයි….! – උපුල් රෝහණ….

August 8, 2021 at 10:56 pm | by emanisa.lk

කොවිඩ් වසංගතයෙහි අතිශය තීරණාත්මක අවස්ථාවක් ශ්‍රී ලංකාව මේ වන විට පසුකරන බව මහජන පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ඩෙල්ටා ප්‍රභේදය රට පුරා පැතිරෙන පසුබිමක කම්කරුවා, ගුරුවරයා මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ද උද්ඝෝෂණ සිදුකිරීම නොගැළපෙන බව ඔහු අවධාරණය කරයි.

ඔවුන්ගේ නොමනා හැසිරීමෙහි ප්‍රතිඵල ඉදිරි දිනවල දැකගත හැකි වනු ඇතැයි ද උපුුල් රෝහණ අනතුරු අඟවයි.

ඇස්ට්‍රසෙනිකා ෆයිසර් වැනි එන්නත් ලබාදිය යුතුව තිබුණේ වයස අවු. 60ට වැඩි කණ්ඩායම සඳහා බවත් එක එන්නත් මාත්‍රාවකින් එමගින් ප්‍රමාණවක් ආරක්ෂාවක් සැපයෙන බවත් ඔහු සඳහන් කරයි.

එන්නත්කරණ සැණකෙලි පැවැත්වීම නිසා ජනතාව තුළ එන්නත පිළිබඳ අනවශ්‍ය ආරක්ෂණවාදී හැඟීමක් ඇති වීම ද මරණ ඉහළ යාමට හේතු වූ බව හෙතෙම අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *