ගුරු උද්ඝෝෂණවල ඉන්න 85%ක් ගුරුවරු නෙමෙයි, … ජවිපෙ සජබ පාක්ෂිකයෝ….!

August 6, 2021 at 8:23 am | by emanisa.lk

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්ගේ මුහුණ කුණු වූ තක්කාලි ගෙඩියක් වැනි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පවසයි.

“අර ගුරු සංගමේ යැයි කියාගන්නා ජෝෂප් ස්ටාලින් මූණ දැක්කාම රෞද්‍රකම අර කුණුවෙච්චි තක්කාලි ගෙඩියක් වගේ. මහා වෛරයකින් දේශපාලනය කරන ඒ ජෝෂප් ස්ටාලින්. ජේවීපී සහෝදරයින් දිහා බලන්න සමහරවිට කිසිම ලේ කඳුළක් නෑ. වෛරයෙන් මුසපත් වෙලා. ඒ නිසා තමයි ඒගොල්ලන් බැලුවා අර අහිංසක ගුරුවරු ඇදලා දාන්න.

අපි දැක්කා මහනුවර ප්‍රදේශයේත්, එතන 100%ක් ගුරුවරු නෙවෙයි හිටියෙ. ගුරුවරු හිටියා අපි නෑ කියන්නෙ නෑ, 15% – 20%ක් හිටියෙ. ඔය ජේවීපී එකෙයි සජබෙයි සමහර ගම්වල ඉන්න කට්ටිය ගුරුවරු නොවන, මේවාට ඇවිල්ලා අර සෙනඟ පෙන්නන්න ඒ දර්ශනය පෙන්නන්න මහත්වූ කැපවීමක් කළා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මේ බව පැවසුවේ ඊයේ (05) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *