ගුරු උද්ඝෝෂණය 5 වෙනි කොවිඩ් රැල්ලට රට ඇදන් යයි….! ස්ටාලින්ට සෞඛ්‍ය අංශවල දැඩි විරෝධය….!

October 5, 2021 at 10:44 pm | by emanisa.lk

මේ මොහොතේ රටේ උද්ඝෝෂණ පැවැත්වීම නුසුදුසු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

“අපි හිතනවා ඉදිරි සති කිහිපය තුළ මෙය වැළැක්වීමට රජය කටයුතු කරයි කියලා. පාසල් විවෘත කිරීමට අවශ්‍ය පසුබිම රජය මගින් නිර්මාණය කරන්න ඕනේ. දරුවන්ට වසර දෙකකට ආසන්න කාලයක් අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය නැති වෙලා.” යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පෙන්වා දෙයි.

“වැටුප් වැඩි කරගන්න අය වැඩි කර ගනී. අනිත් අයට බැරි වෙයි. බොහොම අමාරුවෙන් සෞඛ්‍ය සේවකයින් අවුරුදු එකහමාරක් මහන්සි වෙලා කොවිඩ් යම් පාලනයකට ඇවිත් තියෙනවා. ඒ නිසා රට පස්වෙනි රැල්ලකට නොයාමට පුරවැසියන් වගබලා ගත යුතුයි.” යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික නලීන්ද හේරත් මහතා සඳහන් කළේය.

“මෙයින‍් යම් අනතුරක් වෙනවා නම් මෙවැනි දෙයක් සංවිධානය කිරීම සෞඛ්‍ය පැත්තෙන් බරපතළ තත්ත්වයක්. එහෙම දෙයක් කරන්න හදනවා නම් මම නම් මෙය දකින්නේ වෘත්තිය අරගලයක් විදිහට නෙමෙයි. අයහපත් චේතනාවකින් කරන කටයුත්තක් ලෙසයි.” යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් රට නැවතත් විවෘත කර ඇති පසුබිමක සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව දීපව්‍යාප්ත උද්ඝෝෂණයක් හෙට (06) දින පැවැත්වීමට වෘත්තිය සංගම් සූදානම් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *