ගුරුවරු උල තියන්න කියන්නේ ගොන් නාම්බෝ…! ගුරු විදුහල්පති ප්‍රශ්නයට විසඳුම් දෙනු…! – දයාසිරි…

October 18, 2021 at 1:41 pm | by emanisa.lk

වසර 24ක් පුරා ඇදී ගිය ගුරු ප්‍රශ්නය ජනාධිපතිවරයාගේ කර මත වැටී තිබිය දී ආණ්ඩුවේ සිටින ඇතැම් ‌ගොන් නාම්බෝ ගුරුවරුන්ට උල තැබිය යුතු බව කියමින් ප්‍රශ්නය අවුල් කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

කුරුණෑගල පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රති-සංවිධාන වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙලෝ දෙයක් නොදන්නා මෙවැනි පුද්ගලයන් පාර්ලිමේන්තු පැමිණි විට ආණ්ඩුවම විනාශ වී යන බවකි.

ගුරුවරු පාරට බැස්ස ප්‍රශ්නය සොයා ඊට පිළියම් සෙවිය යුතු බවත් අමාත්‍යවරයා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *