ගුරුවරුන් නාවත් පාසල් පවත්වන හැටි අපි දන්නවා…! – අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්…

October 20, 2021 at 3:35 pm | by emanisa.lk

ඇතැම් ගුරුවරුන් හෙට සහ අනිද්දා පාසල් නොපැමිණියත් පාසල් නිසි පරිදි පවත්වා ගෙන යෑමට සැලැස්මක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.

කෙසේ වෙතත් ගුරුවරුන් ලබන 25 වෙනි දා පාසල්වලට අනිවාර්යයෙන්ම පැමිණෙනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසූ අධ්‍යාපන ලේකම්වරයා යල්වෙල හිමියන්, ජෝශප් ස්ටාලින්, මහින්ද ජයසිංහ යන වෘත්තීය සමිති නායකයන් ගැන තමාට විශ්වාසයක් ඇති බව ද ප්‍රකාශ කළේය.

ගුරුවරුන් සමග ආදරණීයව සහ සුහදශීලීව ගනුදෙනු කිරීමට සූදානම් බව දලේකම්වරයා කීවේය.

රාජකාරියට නොපැමිණෙන ගුරුවරුන්ගෙ නොවැම්බර් මස වැටුප නතර කරන බවට වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කරන්නේ තමා ඒ ගැන කොල්ලුරේගෙන් විමසන බවත් ඇමැතිවරයා සමග සාකච්ඡා කර ඒ ගැන අදහසක් පළ කරන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස