ගුණමකුකමට සමාන පදය මෛත්‍රීපාල සිරිසේනයි! ජනාධිපති සත පහකට විශ්වාස කරන්න බෑ!

March 14, 2019 at 10:05 am | by admin

අද පොහොට්ටුව සමග සිටින පල්ලේවත්තේ ගමරාලලාගේ මෛත්‍රීපාල සිරිසේන හෙට නැවත එජාපයට ළං විය හැකි ගණයේ ගසත පහකට විශ්වාස කළ නොහැකි ආත්මාර්ථකාමී පුද්ගලයකු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ජනපති වැය ශීර්ෂයට එරෙහිව ඡන්දය භාවිත කරන බව ද පැවැසුවාය.

“මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා. අපි ඔක්තෝබර් 26 දැනගත්තා නයා නයාමයි කියලා. කනගාටුවට කාරණය ඊයෙත් විපක්ෂය මේ නයා විශ්වාස කිරීමයි. විපක්ෂයේ උදවියට අපි කියනවා නැගිටලා යන්න කියලා. පල්ලෙවත්තේ ගමරාලලාගේ මෛත්‍රීපාල සිරිසේන සත පහකට විශ්වාස කරන්න පුළුවන් පුද්ගලයෙක් නෙමෙයි. ජනපති කෙනෙක් විදිහට හරි මනුස්සයෙක් විදිහට හරි විශ්වාස කරන්න බෑ. ඔබතුමන්ලා ජනාධිපතිවරණයට යම් පුද්ගලයෙක් දානවා කියලා හිතනවා නම් ඒ පුද්ගලයා දාන්න අපි වැටුණ වලේ නැවතත් ඔබතුමන්ලා වැටෙන්න එපා. ජනපති තමන්ගේ දේ කර ගන්න අනිත් අය භාවිත කළා. එක්සත් ජාතික පාක්ෂිකයෝ තරම් රැවටුණු පිරිසක් කොහේවත් නෑ. මේ පාර තමයි හොඳම රැවටිල්ල වුණේ. ගුණමකු කියන වචනයට සමාන පදය තමයි මෛත්‍රීපාල සිරිසේන. මොහු පිටපුස ගියොත් පොහොට්ටුවට අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැති වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *