ගීතා ගෙදර ගියොත් අඹු නසී… මග හිටියොත් තෝ නසි අවුලක…! ගැළවෙන්න දෙවියන්ගේ පිහිට පතයි….!

July 28, 2021 at 8:30 pm | by emanisa.lk

ආණ්ඩුවේ සිට ආණ්ඩුව විවේචනය කරන්න බැරි වුවත් තමා ඇත්ත ඇති සැටියෙන් කතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ පවසයි.

“ගුරුවරුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට මේක අවස්ථාවක් නෙමෙයි. රට නාහයට ම ගිලී තියෙන අවස්ථාවක ඉල්ලීම් වෙනුවෙන් අරගල කිරීම මම නම් අනුමත කරන්නේ නැහැ. මේ ඒකට අවස්ථාව නෙමෙයි.

ගුරුවරුන්ටත් ප්‍රශ්න ඇති. නමුත් මේ අවස්ථාවේ දී වැටුප් වැඩියෙන් ඉල්ලීම සාධාරණ නැහැ. මේ අවස්ථාව මග හැරුණට පස්සේ ගුරුවරුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනට මමත් එනවා. මමත් ගුරුවරුන් සමග එකට සිට ගන්නවා.

පොහොර ප්‍රශ්නයේ දී මට ආණ්ඩුව විවේචනය කරන්න බැහැ. එහෙම කළොත් ආණ්ඩුවේ මැති ඇමතිවරු කියාවී මම ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරා කියලා.

ඒ නිසා ආණ්ඩුව පැත්තට කතා කළොත් ගොවියන් මාත් එක්ක තරහ වේවි. ගොවියන්ගේ පැත්ත අරගෙන කතා කළොත් ජනාධිපතිතුමා ඇතුළු රජයේ මැති ඇමැතිවරුන් කියාවි තව කොහේද මෙයාට ඇමතිකම් දුන්නා නම් කියලා. අනේ ඒ නිසා මම දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා මට නිදහසේ කතා කරන්න ඉඩ ලබා දෙන්න කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස